IOC සහ සයිනොපෙක් සමාගම්වල නව ඉන්ධන මිල ගණන් මෙන්න

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 344ක් ලෙස සටහන් වුණා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල්‍ 41කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 379 යි.

එසේම සයිනොපෙක් සමාගම ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර, එය රුපියල් 314ක් ලෙසට පවතිනවා.

සයිනොපෙක් සමාගමේ සුපර් ඩීසල් මිල රුපියල් 22කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල සටහන් වුණේ රුපියල් 355ක් ලෙසයි.

මේ අතර ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබුණා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 11කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 344යි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 41කින් පහත දමා ඇති අතර එහි නව මිල සටහන් වුණේ රුපියල් 379ක් ලෙසටයි.

මීට අමතරව ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 355ක් වන අතර එය රුපියල් 22කින් පහත දමා තිබෙනවා.

කෙසේවෙතත් ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකළ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ .

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 317කටත් ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 202කටත් අලෙවි වනවා.

මේ අතර ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.