කොළඹට ජලය එන ප්‍රධාන නලයක් ගැලවෙයි – ජල සැපයුමේ වෙනස්වීමක් සිදුවන ප්‍රදේශ මෙන්න

උද්ගත වී ඇති අයහපත් කාලගුණය හේතුවෙන් කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයක් තුම්මෝදර වක්ඔය පාලම අසලදී ගැලවී ගොස් තිබෙනවා.

මේ බව ජාතික ජල සම්පාධන හා ජලප්‍රවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව උදෑසන 6 සිට 9 දක්වාත්, සවස 5 සිට රාත්‍රී 9 දක්වාත් ප්‍රදේශ කිහිපයකට අඩු පීඩන තත්ත්වය යටතේ ජල සැපයුම සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරනවා.

මෙලෙස අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන්නේ ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන යන ප්‍රදේශවලටයි.

එසේම ආරක්ෂක අංශ සහ අනෙකුත් පාර්ශ්වවල සහායෙන් බිඳ වැටී ඇති ප්‍රධාන ජල නළය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බව නිවේදනයේ දැක්වෙනවා.

ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ අනවශ්‍ය ලෙස ජලය රැස්කර තබානොගෙන ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.

එම නිවේදනය පහතින්,

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!