හෙට දිනයේ පාසල් නිවාඩු දෙන ප්‍රදේශ මෙන්න

වර්තමානයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට (04) දිනයේ ප්‍රදේශ කිහිපයක පාසල් නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්යංශය තීරණය කර තිබෙනවා.

සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටත් තිරණය කර ඇති බවයි අමාත්යංශය සඳහන් කරන්නේ.

2024/06/04 දින පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප

  1. සබරගමුව පළාත
    ■ රත්නපුර දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
    ■ කෑගල්ල දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
  2. දකුණු පළාත
    ■ ගාල්ල දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
    ■ මාතර දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
  3. බස්නාහිර පළාත
    ■ කළුතර දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
    ■ කොළඹ දිස්ත්‍රික්කය – හෝමාගම කලාපය

මෙහි පාසල් නොපැවැත්වෙන බව සඳහන් කර නැති සියලු‍ පළාත්වල හා දිස්ත්‍රික්කවල ද කලාපවල ද සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!