ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම දැවී ගිහින්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ අමාත්‍යවරයා සිදුවූ හෙලිකොප්ටර් අනතුරෙන් දිවි ගලවා ගත් බවට බලාපොරොත්තු වියැකී යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඉරාන ජනපතිවරයා ගමන්ගත් හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බවත්, එහි ගමන්ගත් මගීන් සියලු දෙනා මිය යනු ඇතැයි බියෙන් පසුවන බවයි.

එමෙන්ම, ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි රැගත් හෙලිකොප්ටරය අනතුරට පත්වුණු ස්ථානයේ තිබී මෙතෙක් දිවි ගලවාගත් කිසිවෙක් හමුවී නැහැ.

එමෙන්ම මේ වනතෙක් කිසිඳු පුද්ගලයෙකු හෝ සිරුරු කිසිවක් හමුවී නැති බවත් වාර්තා වනවා.

ඉරාන මාධ්‍ය මීට සුළු මොහොතකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන ඇති බව වාර්තා කළා.

එහිදී තත්ත්වය එතරම් “‍යහපත්” මට්ටමක නොවන බව ඉරානයේ Red Crescent සමාජයේ ප්‍රධානියා පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!