ක්ෂුද්‍ර ජීවී නාශක ඖෂධ ප්‍රතිරෝදය/ ප්‍රති ජීවක ප්‍රතිරෝදය මැඩ පැවැත්වීම සඳහා සුදුසු කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් 2050 වසර වන විට ක්ෂුද්‍ර ජීවී නාශක ඖෂධ ප්‍රතිරෝදය/ ප්‍රති ජීවක ප්‍රතිරෝදය හේතුවෙන් වසරකට ලොව මරණ මිලියන 10ක් පමණ සිදුවිය හැකි බවට හදුනාගෙන ඇති සෞඛ්‍ය අංශ එම ව්‍යසන වලක්වා ගැනීම සදහා මේ වන විට සැලසුම් සකස් කරමින් සිටී.
මෙම කරුණු අනාවරණය වූයේ “ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳව දැනුවත් කිරීමේ සතිය” වෙනුවෙන් පසුගියදා කොළඹ පදනම් ආයතන ශ්‍රවනාගාරයේදී පැවති ජාතික උත්සවයේදීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට සෞඛ්‍ය, පරිසර, කෘෂිකර්ම සහ ධීවර යන අමාත්‍යාංශ වල නිලධාරීන් ක්ෂේත්‍රෙය් විද්වතුන්, වෛද්‍ය පරිපාලකයින් හා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, වෛද්‍ය ශිෂ්‍යයින් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජිතයින් රාශියක් එක්විය.
“දැනගනිමු – පිළිපදිමු – ක්‍රියාකරමු ” යන්න තේමා කරගනිමින් මෙම උත්සවය ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳ ජාතික මධ්‍යස්ථානය වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) ප්‍රමුඛ එම අංශය විසින් සංවිධානය කර තිබිණි.
සෑම වසරකම ලොව පුරා රටවල් වල සෞඛ්‍ය අංශ අනෙකුත් පාර්ශවකරුවන් හා එක්ව නොවැම්බර් මස 18 සිට 24 දක්වා මෙම සතිය සෞඛ්‍ය වෘත්තිකයින් හා ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා අතර මෙම සැමරුම් උත්සවය පැවැත්වුයේ ඊට සමගාමීවයි.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම ජාතික උත්සවය ඇමතූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව වළකා ගැනීම සදහා අප සියලුම දෙනා එක්ව කටයුතු කල බවත්, මෙම නිහඩ තර්ජනය දශක ගණනාවක සිට ගෝලීය,මානව සෞඛ්‍ය, ශාඛ හා සත්ව යන වල ක්ෂේත්‍ර ක්‍රමිකව වර්ධනය වන බව නිරීක්ෂණය වී තිබෙන බවත් ශ්‍රී ලංකාවේ අපටද, එය තදින්ම බලපාන බවත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ආසාදිත රෝග වලට ප්‍රතිකාර කිරීමේ දී තිබෙන ප්‍රතිජීවක රෝග කාරක වලට ප්‍රතිරෝධී වූ විට මිල අධික වෙනත් ප්‍රතිජීවක සොයා යන්නට සිදුව තිබෙන බව පැවසීය. ඒ සදහා මිල අධික ප්‍රතිජීවක ඉතා සීමිත බවත්, ඒ සදහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බවත්, මේ හේතුවෙන් රේඛීය අමාත්‍යංශය, පළාත් සභාව සහ ප්‍රාදේශීය මට්ටමින් සියලු පාර්ශවයන් එක්ව කටයුතු කල යුතු බවද සදහන් කලේය.
තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා අප සියලු දෙනා සෞඛ්‍ය අමාත්‍යංශය වශයෙන් මේ සදහා සකස්කර ඇති ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නිරතුරුව බැදී සිටින බවද, එය වගකීමකින් යුතුව සිදුකරන බවද කියා සිටියේය.
මෙහිදී “ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝදය පිළිබඳව දැනුවත් කිරීමේ සතිය” තුළ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ක්ෂූද්‍ර ජීව විද්‍යාඥයන්ගේ විද්‍යාතනය මගින් සංවිධානය කරන ලද කෙටි වීඩියෝ පට නිෂ්පාදන තරගාවලියෙන් ජයග්‍රහණය ලැබූ වෛද්‍ය ශීෂ්‍යන්ට සහතික පත් ප්‍රධානය කිරීමද මෙහිදී සිදුවිය.
මෙම ජාතික උත්සවයේදී දේශණ ගනණාවක් පැවැති අතර පහත කරුණු එහිදී අනාවරණය විය.
ප්‍රති-ක්ෂූද්‍රජීවක ඖෂධ සඳහා ක්ෂූද්‍ර ජීවින් තුළ ප්‍රතිරෝධය ඇතිවීම ගෝලීය සෞඛ්‍යට සහ සංවර්ධනයට තර්ජනයක් බවට පත්වී ඇති බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානව වර්ගයා මුහුණ දෙන ප්‍රධානතම සෞඛ්‍ය ගැටලු 10 ය අතරින් එකක් ලෙස ප්‍රතිජීවක ඖෂධ කෙරෙහි ක්ෂූද්‍ර ජීවින් තුළ ප්‍රතිරෝධය ඇතිවීම හඳුනාගෙන ඇත.
පාලනයකින් තොරව ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතයෙන්, ප්‍රතිවිරෝධය ඇති වී එම ඖෂධ වල නාශක ගුණය හීන වී, රෝග වසංගත තත්ත්වයන් වලට උත්සන්න වී මනුෂ්‍ය වර්ගයා ඇතුළු ජෛව ගෝලය විනාශයට පත්විය හැකි බවට සෞඛ්‍ය අංශ අ අනතුරු හගවයි.
ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ ප්‍රමුඛතාවයකි. ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇතුළු ක්ෂූද්‍රජීවී ප්‍රතිරෝධය පිළිබඳ ගෝලීය ක්‍රියාකාරි සැලැස්ම 2015 මැයි මාසයේ ලෝක සෞඛ්‍ය සමුළුවේදි අනුමත කර ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩබලන මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය ශලාලා අමදෝවා, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පද්මා අබේකෝන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලිකා පුනාන්දු, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල , කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය විද්‍යා බස්නායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, අධ්‍යක්ෂ (රසායනාගාර සේවා) වෛද්‍ය සුරංග දොලමුල්ල, ,ක්ෂූද්‍ර ජීව විද්‍යාඥයන්ගේ විද්‍යාතනයේ සභාපති වෛද්‍ය සුජාතා පතිරගේ, යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, සෞඛ්‍ය පරිපාලකයින් හා වෘත්තිකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.