නිදහස් පක්ෂ මුලස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක්

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වනවා.

අද (05) උදෑසන පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කර තිබුණා.

ඒ හේතුවෙන් එම ස්ථානයේ කලබලකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවට අනුමාන කර මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!