සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා ප්‍රමාද කිරීමට විරෝධය පළකරමින් අද (14)සබරගමු පළාතේ රෝහල් සහ සියලු සෞඛ්‍ය ආයතනවල උදැසන 8 සිට දහවල 12 දක්වා සංකේත වැඩ වර්ජනයක නිරත වන බව වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
සෞඛ්‍ය සහ මුදල් අමාත්‍යාංශ සමග පසුගිය අප්‍රේල් මස පැවැත්වූ සාකච්ඡාවේදී එළැඹී එකඟතාවන් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළකරමින් ලබන 21වනදා දක්වා දිවයින පුරා පිහිටි රෝහල් සහ සෞඛ්‍ය ආයතනවලදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බව එම සන්ධානයේ කැඳවුම්කරු ප්‍රකාශ කරනවා.
ඒ අනුව හෙට (15)වයඹ පළාත,16වනදා දකුණු පළාත , 20වනදා ඌව පළාත සහ 21වනදා බස්නාහිර පළාත තුළ මෙම වර්ජනය ක්‍රියාත්මක වනවා.
ළමා රෝහල්,පිළිකා රෝහල්,වකුගඩු රෝහල්,මානසික රෝහල් සහ ,මධ්‍යම ලේ බැංකුවේ මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය නිසි මැදිහත්වීමක් නොකරන්නේ නම් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බවත් එහි සම කැඳවුම්කරු ජාතික පුවත්පතකට පවසා තිබෙනවා.