නැගෙනහිරට හදුන්ගේ ඇස

නැගෙනහිර පළාත තුළ ක්රිසයාත්මක වන ක්ෂුද්රය, සුළු හා මධ්යක පරිමාණ කර්මාන්ත වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත සහ ව්යයවසායකත්ව සංවර්ධන අමාත්යර සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්රැධානත්වයෙන් ත්රි්කුණාමලය දිස්ත්රි ක් ලේකම් කාර්යාලයේදී අද (29 දා) පැවැත්විණි.

මෙහිදී කර්මාන්ත අමාත්යාං ශය සහ අමාත්යාංීශය යටතේ ක්රි්යාත්මක වන ආයතන මගින් නැගෙනහිර පළාත තුළ සිටින කර්මාන්තකරුවන්ට ලබාගත හැකි සේවාවන් පිළිබඳව පැමිණ සිටි කර්මාන්තකරුවන් දැනුවත් කළ හඳුන්නෙත්ති අමාත්ය්වරයා, “One Zone – One Industry” ලෙස එක් කර්මාන්ත ක්ෂේත්රහයක් සඳහා එක් කර්මාන්තපුරයක් ක්රිායාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.

විවිධ කර්මාන්ත ක්ෂේත්ර් නියෝජනය කරමින් පැමිණ සිටි කර්මාන්තකරුවන්, මේ වන විට ඔවුන් තම කර්මාන්ත පවත්වාගෙන යාමේදී මුහුණ දෙන විවිධ ගැටලු පිළිබඳව අමාත්ය වරයා දැනුවත් කරන ලද අතර එහිදී සුනිල් හදුන්නෙත්ති අමාත්යහවරයා විසින් අනෙකුත් රාජ්යම ආයතනද සම්බන්ධ කර ගනිමින් ඉදිරිපත් වූ ගැටළු රැසකට එම මොහොතේම විසඳුම් ලබාදෙන ලදී. මෙහිදී ව්යලවසායකත්වය සංවර්ධනය කිරීම අමාත්යාංිශයේ වගකීම බව පැවසූ අමාත්යමවරයා, කර්මාන්තකරුවන් සඳහාම විශේෂ වූ සංවර්ධන බැංකුවක් පිහිටුවීමේ වැදගත්කම අවධාරණය කළ අතර එම සංවර්ධන බැංකුව ඉතාමත් ඉක්මනින් පිහිටුවීමට අවශ්යස කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්යි අමාත්ය අරුන් හේමචන්ද්රන, පාර්ලිමේන්තු මන්ත්රීච රොෂාන් අක්මීමන, ත්රියකුණාමල දිස්ත්රිඅක් ලේකම්, කර්මාන්ත අමාත්යාං ශයේ නිලධාරීන්, රාජ්යර නිලධාරීන්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.