සමගි ජන බලවේගය පක්ෂයේ මහනුවර පැවැත්වෙන ජන රැලියකට රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය එක්ව තිබෙනවා.
ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දරමින් පාර්ලිමේන්තු පැමිණි ගීතා කුමාරසිංහ මහත්මිය මේ වනවිට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටිනවා.