එංගලන්තය සහ ශ්රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේ ජය ශ්රී ලංකා කණඩායම හිමිකරගත්තා.
ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කරමින්.
ලන්ඩනයේ ඕවල් ක්රීඩාංගණයේ දී ශ්රී ලංකාව වාර්තා කළ මෙම ජය ඓතිහාසික ජයක් වන අතර එය සනිටුහන් වන්නේ වසර 10 කට පසු ශ්රී ලංකා කණ්ඩායම විසින් එංගලන්තය ටෙස්ට් තරගයක දී පරාජය කළ අවස්ථාව ලෙසටයි.
2014 වසරේ දී ලීඩ්ස් හි දී පැවැති තරගයකදී ශ්රී ලංකාව විසින් එංගලන්තය පරාජය කළ අතර ඉන් පසු මේ වන තෙක් කිසිදු ටෙස්ට් තරගයක් එංගලන්තයට එරෙහිව වාර්තා කිරීමට ශ්රී ලංකාවට හැකි වුණේ නැහැ.
එතැන් පටන් මේ වන තෙක් කණ්ඩායම් ද්විත්වය අතර තරග දහයක් ක්රියාත්මක වී ඇති අතර 2016 වසරේ දී සුප්රකට ලෝඩ්ස් පිටියේ දී දෙරට අතර තරගයක් ජය පරාජය වීමකින් තොරව අවසන් වී තිබුණා.
ඒ හැර කිසිදු තරගයක් ජය ගැනීමට නොහැකි වූ ශ්රී ලංකා කණ්ඩායම, ඕවල් ක්රීඩාංගණයේ දී මුහුණ දුන් මෙම තරගය ජය ගැනීමෙන් ඉතිහාසයට එක් වුණේ, වසර 26 ක් තුළ එම ක්රීඩාංගණයේ දී ශ්රී ලංකා කණ්ඩායම ක්රීඩා කළ දෙවැනි තරගය ද ජය ගැනීමෙන්.
ලකුණු 219ක ජයග්රාහී ඉලක්කයක් හඹා යන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්රීඩා කරමින් සිටින ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127ක් ලබාගත්තා.
සිය 11වැනි ටෙස්ට් තරගයට ක්රීඩා කළ පැතුම් අද (09) වාර්තාකළේ සිය 2 වන ටෙස්ට් ශතකයයි.
ඔහුට අනගි සහායක් ලබාදුන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක් ලබාගත්තා.
ඔවුන් දෙදෙනා තුන්වැනි කඩුල්ල සඳහා රැස්කළ ලකුණු ගණන 111කි.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය 2 – 1ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත් වුණා.