අද සිට ගෑස් මිලේ වෙනසක්

ගෑස් මිල සංශෝධනය අද (02) දිනයේදී ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම් දෙනවා.

එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බවයි.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ පසුගිය ජුනි මස 4 වැනිදායි.

එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩුකිරීමට පියවර ගනු ලැබු අතර එහි වර්තමාන මිල රුපියල් 3,790ක් වනවා.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් පහත දැමුණු අතර කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් පහත දමනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!