මැයි දින සැමරුමෙන් පසු කොළඹ කැත කළ කුණු

ඊයේ (1) දිනට යෙදී තිබුණු කම්කරු දිනය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් මැයි දින රැළි කිහිපයක් පැවැත්වීමට දේශපාලන පක්ෂ කටයුතු කර තිබුණා.

නමුත් මැයි රැලි අවසන් වීමෙන් පසු කොළඹ නගරය කැළිකසළවලින් පිරී ගොස් තිබෙන අයුරු දැකගත හැකි වුණා.

බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වුණු මැයි දින රැළිය අවසන් වූ පසු රැළියට පැමිණි පාක්ෂිකයන් ඒ අවට පිහිටි පාසලක් අසලට කුණු කසල දමා ගොස් තිබෙනවා.

අද උදෑසන පාසලට පැමිණි දරුවන් එම කසළ ඉවත් කරන අයුරු අපට දැකගැනීමට හැකිවුණා.

හයිඩ් පාර්ක් ප්‍රදේශයේ පැවති පෙරටුගාමි පක්ෂයේ මැයි දින රැළිය අවසන් වූ පසු ඔවුන් කැළිකසල පිරිසිදු කර ගොස් තිබුණා.

එසේම මාළිගාවත්ත ප්‍රදේශයේ පැවති මැයි දින රැළියෙන් අනතුරුව එම ප්‍රදේශයේත් කැළිකසල රැසක් එකතු වී තිබුණා.

කොළඹ ඒ.ඊ.ගුණසිංහ ක්‍රීඩාංගණයේ පැවති මැයි පෙළපාලිය අවසන් වූ පසු අද උදෑසන නගර සභා සේවකයින් පිරිසිදු කිරීම් කටයුතු සිදුකරනු ලැබුවා.

මේ අතර ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි දින රැළිය කොළඹ නෙලුම්පොකුණ වටරවුමේදී පැවැති අතර රැළිය අවසන් වීමෙන් පසුව ඔවුන් විසින්ම එහි පිරිසිදු කිරීම් කටයුතු සිදුකර තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!