ඉන්ධන සංශෝධන නෑ – ජනපති ගැසට්ටුවක් ගහලා

මෙතෙක් ඉන්ධන සඳහා පැවති බදු සංශෝධනය නොකර එම මට්ටමේම පවත්වා ගැනීමට රජය තීරණය කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ බව සදහන් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මේ අනුව 2024 ජනවාරි මස 01 වැනිදා සිට පෙට්‍රල් ලීටරයකට රුපියල් 72ක්, සුපිරි ඩීසල් ලීටරයකට රුපියල් 57 ක් සහ ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 50 ක් ලෙස පනවන ලද බද්ද තවදුරටත් වෙනසකින් තොරව පවත්වාගෙන යන බව එම ගැසට් නිවේදනයේ සඳහන්ය. මෙම තීරණය ඉකුත් ජනවාරි 11 දින සිට බලපැවැත්වෙන ක්‍රියාත්මක වේ.