මහ බැංකුවේ හිටපු අධිපති කබ්රාල් ඇතුළු 5කට නිදහස

2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (31) නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතු කර තිබුණා.

එම මූලික විරෝධතා පිළිගෙන අදාළ විත්තිකරුවන් නිදහස් කිරීමටයි විනිසුරුවරයා අද නියම කළේ.