පුතුගේ ආරවුලකට මැදි වූ පියා මරුට

දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම ගැටුම ඊයේ (06) සවස් කාලයේදී හෙට්ටිපොල පොලිස් වසමේ පිහිබිය රත්මලේ ප්‍රදේශයේදීයි ඇතිව තිබෙන්නේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙක්.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාගේ පුතා වන අතර මියගිය පුද්ගලයාගේ පුතා සහ සැකකරු අතර ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි.