ජීවිත 4ක් බිලිගත් මාරක රිය අනතුර

බදුල්ල සොරණනාතොට මාර්ගයේ වැලිහිද ප්‍රදේශයේ අද දහවල් 12.00 ට පමණ ලොරි රථයක් මාර්ගය මැදම පෙරලි අනතුරට ලක්ව තිබෙනවා.

එම අනතුරින් එහි ගමන්කළ පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වනවා.

එමෙන්ම පුද්ගලයන් තිදෙනෙකුට බරපතල තුවාල සිදු වී ඇති බවත් සඳහන් වනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාර්ගවල මගී ආවරණ සවි කිරීම සඳහා මොණරාගල සිට පැමිණි පිරිසක්.

තුවාල කරුවන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.