අද ඇරඹෙන ‘සාමාන්‍ය පෙළ විභාගයට’ පොලිසියේ 2000ක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) සිට ලබන 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගය සදහා අයදුම්කරුවන් 452, 979 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඊට ඇතුළත් වනවා.

විභාගය කටයුතු සඳහා ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2,000ක් යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!