එංගලන්ත සහ ස්කොට්ලන්ත T 20 තරගයට වැස්සෙන් බාධා

T 20 ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ (04) පැවති එංගලන්ත සහ ස්කොට්ලන්ත අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුව තිබුණා.

වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර සංඛ්‍යාව 10කට සීමා කෙරුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 10 අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 90ක් රැස් කළා.

එහෙත් යළි පිටියට වර්ෂාව ඇද හැලීමත් සමග එංගලන්තයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

ඒ අනුව තරගය අතහැර දැමීමටයි තරග තීරකවරුන් තීරණය කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!