මැතිවරණය ගැන මේ වන විට තත්වය ගැන පොලිසියෙන් ඇහෙන කතාව

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී ඇති අතර මේ දක්වා කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන අතර නීතිවිරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ පුද්ගලයින් තිදෙනෙක් අද (14) දිනය තුළ අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එවැනි ආකාරයේ සිදුවීම් හැරෙන්නට මෙතෙක් කිසිදු ස්ථානයක ප්‍රචණ්ඩ ක්‍රියාවන් වාර්තා නොවන අතර ඒ අනුව සමස්තයක් ලෙස මැතිවරණය සාමකාමී බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටිනවා.

වැඩිදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ සවස් කාලයේ දී වැසි සහිත තත්ත්වයක් ඇති විය හැකි බැවින් කඩිනමින් සියලුදෙනාම ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ලෙසය.