2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගි වුණු ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න එහි අට වෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.
ඇය එහිදී විනාඩි 02යි තප්පර 078 ໙໙ 76໖ (2:07:76) කාලයක් වාර්තා කළ කාලය ලෙස සටහන්ව තිබෙනවා.
කෙසේ නමුත් තරුෂි කරුණාරත්නට අද (03) දිනයේ නැවත වතාවක් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා තරග කිරීමට අවස්ථාව හිමිවෙනවා.
එය පළමු වටයේ දී අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් නොලැබු අය වෙනුවෙන් පැවැත්වෙන තරගයක් ලෙසයි සඳහන් වන්නේ.
මූලික වටයේ හොඳම දක්ෂතාව මිනිත්තු 1:57.90කින් වාර්තා කිරීමට ඉතියෝපියාවේ ටිසිගේ ඩුග්මා සමත් වුණා.
මීටර් 800 තරගයේ ක්රීඩිකාවන් 24 දෙනෙක් අවසන් පූර්ව වටයට තෝරා ගැනෙන අතර, පළමුව මූලික වට හයෙන් ජයග්රාහිකාවන් තිදෙනා බැගින් 18 දෙනෙකු ඊයේ අවසන් පූර්ව වටයට සඳහා ඍජුව සුදුසුකම් ලැබුවා.
මූලික වටයෙන් ඉවතට ගිය ඉතිරි 32 දෙනා ‘රිපීචේජ් වටයේ’ අද (03) යළි තරග කරන අතර, එයින් හොඳම කාලය වාර්තා කරන ක්රීඩිකාවන් 6 දෙනා අවසන් පූර්ව වටයේ දොරටු විවිර කිරීම ඔලිම්පික් නව නීතිය වනවා.
19 හැවිරිදි වියේ පසුවන තරුෂි මෙතෙක් වාර්තා කළ හොඳම පෞද්ගලික දක්ෂතාව මිනිත්තු 2:00.66ක් වුවත් එය ඉක්මවා යෑමට ඊයේ දිනයේ දී ඇයට හැකියාවක් උදා වූයේ නැහැ.