DSI සැම්සන් සමූහයේ කළමනාකාර අධ්යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අය හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිව නඩුව ලබන නොවැම්බර් 20 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ වානිජ මහාධිකරණය පසුගිය 09 වැනිදා නියෝග කර ඇත.
නඩුව එම සමාගමේ අධ්යක්ෂවරයකු වන සජිත් රාජපක්ෂව අධ්යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම ගැන DSI සැම්සන් සමූහයේ කළමනාකාර අධ්යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අය හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිව ගොනුකර තිබේ.
අදාළ අධ්යක්ෂවරු විසින් සජිත් රාජපක්ෂ DSI සැම්සන් සමූහයේ සමාගම් කීපයක අධ්යක්ෂ ධූරයෙන්ද ඉවත් කර ඇති අතර ඔහු අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අදාළ ධූරවල ඔහුව නැවත ස්ථාපනය කිරීමට ද අධිකරණය නියෝගකර තිබිණි.
මෙරට තිබෙන විශාලතම පුද්ගලික සමාගම්වලින් එකක් වන DSI සැම්සන් සමාගමේ අධ්යක්ෂවරු අතර ගැටුම් මතුවූයේ හිටපු කළමනාකාර අධ්යක්ෂවරයකු විසින් අදාළ සමාගමේ කොටස් සහ ලාභාංශ පවුලේ සාමාජිකයන් අතර සාධාරණව බෙදා වෙන්කරගැනීමට ඉදිරිපත් කරණ ලද යෝජනාවක් සමඟය.
මෙරට තිබෙන විශාලතම පුද්ගලික සමාගම්වලින් එකක් වන මේ ව්‍යාපාරය සතුව සමාගම් 30ක් පමණ වන අතර ඉන් ලාභ ලබන ප්‍රධානම සමාගම් කිහිපය මෙහෙයවනු ලබන්නේ අදාළ කළමනාකාර අධ්යක්ෂවරයාගේ පුත්‍රයන් විසින්ය. මෙලෙස හදිස්සියේ කළමනාකාර අධ්යක්ෂ ධූරවලින් ඉවත් කෙරුණු සජිත එම කළමනාකාර අධ්යක්ෂවරයාගේ එක් පුත්‍රයකු වන අතර අදාළ සමාගම් ජාලයේ වැඩිම විදෙස් විනිමය ගෙන එන සමාගම වන සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම මෙහයවනු ලබන්නේ සජිත් රාජපක්ෂ විසිනි.
වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සජිත් රාජපක්ෂට එරෙහිව එල්ලවූ චෝදනාවක් මත ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඒ අතරතුර කාලයේදී ඔහුව අදාළ අධ්යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට එම අධ්යක්ෂවරු කුමන්ත්‍රණය කරමින් කටයුතු කර ඇති බවද මේවනවිට අධිකරණයට වාර්තා කර තිබේ.