ආචාර්ය හේමාලි කොතලාවලට ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ තනතුරක්

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ (World Organization for Animal Health) ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ උප සභාපති ධුරයට පත් කර තිබෙනවා.

පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වුණු ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ මහත්මිය සහභාගී වුණා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් මෙම සමුළුවට සහභාගි වී සිටියා.

ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිධාරිනියකි.

එමෙන්ම විද්‍යාපති උපාධිය ඉන්දියාවේ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් ද, ආචාර්ය උපාධිය ජපානයේ ඔබිහිරෝ විශ්වවිද්‍යාලයෙන් ද ලබා ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!