ප්‍රජා පොලිස් කමිටු පිහිටුවා නොමැති DIGලාට වැඩ වරදී

මැයි 31 වනදා වනවිට ප්‍රජා පොලිස් කමිටු පිහිටුවා නොමැති නියෝජ්‍ය පොලිස්පතිවරුන් අදාළ කොට්ඨාසවලින් ඉවත් කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කළා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (21) නුවරඑළිය හා හැටන් පොලිස් කොට්ඨාස වලට අයත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනුයි.

මෙම අවස්ථාව සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 1500ක් පමණ පිරිසක් සහභාගී වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!