කැලණිය ධර්මාලෝක විද්‍යාලයට පුහුණු තණතීරු

කැලණිය ධර්මාලෝක විද්‍යාලයට පුහුණු තණතීරුවක් ලබාදීමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මෙහි සමාරම්භක උත්සවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී කමල් ධර්මසිරි ,ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සහකාර ලේකම් කමල් ඉන්ද්‍රජිත් , විද්‍යාලයේ විදුහල්පති විපුල් කුලතුංග යන මහත්වරු සමග ගුරුවරුන්, සිසුන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් ද සහභාගී වී සිටියා.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික මාර්ග වැඩසටහන යටතේ සිදු කරන ලද අතර, එමඟින් රට පුරා සිටින දක්ෂ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට සහ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සමාන අවස්ථා ලබා දීම අරමුණු කර ගෙන තිබෙනවා.