හිටපු යුද හමුදාපතිවරුන් දෙදෙනෙක්ට සහ නාවික හමුදාපතිවරයෙක්ට එරෙහිව බ්‍රිතාන්‍ය විසින් පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් තමන් නොදන්නා බවත්, ඒ ගැන සොයා බලා පවසන බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර සදහන් කළේය.
මෙම සම්බාධක පැනවීම සම්බන්ධයෙන් මාධ්‍ය දිගින් දිගටම ප්‍රශ්ණ කළ නමුත් ඔහු සෘජු පිළිතුරක් නොදී තමන්ට ඇත්තේ විනාඩි තුනක කාලයක් බවත් පවසමින් මාධ්‍ය මග හැරීමට උත්සාහ කළේය.
මාධ්‍යවේදීන්ද දිගින් දිගටම ඒ පිළිබද ප්‍රශ්ණ කළ අතර ඒ අවස්ථාවේදී මාධ්‍ය මගහරිමින් ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගියේය.දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
අද (25) පැවැති උත්සවයකට එක්වූ අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය