අවසන් මොහොතේ ධම්මික පෙරේරාගේ තීරණය වෙනස් වෙයි – ධම්මිකගේ තැන නාමල්ට?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා නිවේදනයක් නිකුත් කරමින්නි නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඒ අද (06) දිනයේ එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා වෙත ලිපියක් යොමු කරමින්.

එම ලිපියේ සඳහන් කර ඇත්තේපෞ ද්ගලික හේතුවක් මත තමා අපේක්ෂකයකු ලෙස පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් නොවන බවයි.

එසේම එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා ඉදිරිපත්වන බවට පසුගිය කාලය පුරා දැඩි කතාබහක් ඇතිවුණා.

ධම්මික පෙරේරා විසින් සාගර කාරියවසම් වෙත යොමුකළ ලිපිය පහතින් දැක්වෙනවා.