දේශපාලනයේදී ගන්න තීන්දුත් ක්ෂය රෝගයට සමානයි – ඇමති මනූෂ (VIDEO)

දේශපාලනයේදී ගන්නා වැරදි තීන්දු ක්ෂය රෝගයට සමාන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (07) ත්‍රිකුණාමලයේ පැවැත්වෙන ‘ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය’ වැඩසටහනට සහභාගී වෙමින්.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ දේශපාලනයේදී ගන්නා තීන්දු ක්ෂය රෝගයට සමාන බවත් ඊට හේතුව ක්ෂය රෝගය මුලින් හඳුනා ගැනීමට අපහසු බවත් ක්ෂය රෝගට වැළඳුනු පසු සුව කිරීමට අපහසු බවයි.

එසේම රෝගය මුලදී හඳුනා ගත්තොත් සුව පහසු බවත් එසේ හඳුනා ගැනීමට නොහැකි වුණොත් සුව කිරීමට කාලයක් යම්කිසි කාලයක් ගතවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන මන්ත්‍රීවරයා මෙලෙස අදහස් දැක්වුවා.

” ක්ෂය රෝගය මුලින්ම හඳුනා ගන්න පුළුවන් . මුලින්ම හඳුනා ගත්තොත් සුව කරන්න පුළුවන් .හැබැයි මේ ක්ෂය රෝගය හඳුනා ගන්න අපහසුයි .හඳුනා ගත්තොත් සුව කරන්න පහසුයි . මේ දේශපාලනයේදී සිද්ධ වෙන වැරදිත් ඒ වගේ .සමහර වෙලාවට ඒවා වැරදි වෙලා පෙන්නේ නැහැ. ඒ වෙලාවට ,එක හඳුනා ගන්න අමාරුයි.හැබැයි ඒ වැරදීම නිසා සිද්ධ වෙන ලෙඩ හොඳ කරන්න සැහෙන්න කාලයක් ගත වෙනවා .

අපි උතුර දකුණ බටහිර නැගෙනහිර කියල අපිව වෙන්කළා.1956 අපි ඒ වෙලාවේ බොහොම ආසාවෙන් සිංහල රාජ්‍ය භාෂාවයි කියනකොට අපි අහු වුණා නේද සිංහල පමණයි කියනකොට

අපේ මාධ්‍ය මහා විද්‍යාවල තිබ්බ ඉංග්‍රීසි ඉගැන්විලි නතර කරලා දැම්මා .අද අපිට සිංහලෙන් දෙමළින් දෙකෙන්ම කතාකරන්න වෙලා තියෙන්නේ ,මම කියන දේ මෙතන ඉන්න බහුතරයකට තේරෙන්නේ නැහැ .මෙතන ඉන්න බහුතයකට කියන දේ මට තේරෙන්නේ නැහැ ,හැබැයි එදා ලෙඩේ හැදෙනකොට ලෙඩේ එච්චර දරුණුයි කියල තේරුනේ නැහැ ,පස්සේ විශ්ව විද්‍යාල පුස්තකාල ගිනි තියල නොයෙක් නොයෙක් ගැටුම් ඇතිවෙලා බන්ධනාගාර කඩාගෙන ජවිපෙ උතුරට ඇවිල්ල ළමා සොල්දාදුවන්ට පළවෙනියටම උගන්නලා එතනින් පස්සේ පටන් ගත්ත යුද්ධේ අවුරුදු 30ක් තිබිලා තාම ඒ යුද්ධේ නිසා රටක් විදිහට ආපස්සට ගියපු අපි බොහොම අමාරුවෙන් තමයි රටක් විදිහට ටික ටික ගොඩනැඟෙන්නේ

පොඩ්ඩ පොඩ්ඩ හැදිච්ච ලෙඩේ නිසා වෙච්ච හානිය තමයි අපි හානිපූර්ණය කරගනිමින් ඉන්නේ. ඉතාමත්ම සෙමෙන් මේවා ඉතිහාසයේ ඉදන් පටන්ගත්තු ප්‍රශ්න”

https://fb.watch/syzbAf9lW4

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!