දළදා ප්‍රදර්ශනයට පැමිණෙන බැතිමතුන්ට වැසිකිළි පහසුකම් ලබාදීම සදහා රංගන ශිල්පී සුදන්ත තිලකසිරි සහ යුනයිටඩ් ග්ලෝබල් ශ්‍රී ලංකා ඕරගනයිසේෂන් නැමැති ආයතනය ජනතාවගෙන් මුදල් එක් කිරීමට දළදා මාළිගාව විරෝධය දැක්වීමත් සමගින් මාළිගාව අසත්‍ය ප්‍රකාශ කරන බවට එම සංවිධානය සදහන් කර තිබේ.
දළදා මාළිගාවේ නිල ෆේස් බුක් පිටුවට ප්‍රතිචාර දක්වමින් මේ බව සදහන් කර ඇත. යුනයිටඩ් ග්ලෝබල් ශ්‍රී ලංකා ඕර්ගනයිසේෂන් ආයතනයේ ලේකම් වන නුවන් මහමරක්කළගේ ිසින් මෙම සටහන තබා ඇත.
දළදා මාළිගාවේ නිල ෆේස් බුක් පිටුවේ අසත්‍ය කරුණු ප්‍රකාශයට පත් කිරීම පිළිබද මවිතයට පත්වන බව මාළිගාවේ මාධ්‍ය ඒකකය හෝ වෙනත් පාර්ශවයක් මෙහි වගකීම ගන්නේ නම් ඒ අනුව ඉදිරි පියවර ගන්නා බවද එම සටහනේ දැක්වේ.
එම සම්පූර්ණ සටහන මෙසේය.
