ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට – නැගෙනහිර අඩුවෙයි

මෙරට පරිගණක සාක්ෂරතාවය 39%ය දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

2023 වසරේ පරිගණක සාක්ෂරතා සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ මෙරට අවුරුදු 05-69ත් අතර පුද්ගලයින් 05 දෙනෙකුගෙන් දෙදෙනෙකුට පමණක් පරිගණක සාක්ෂරතාව පවතින බවයි.

එසේම පුද්ගලයින් 05 දෙනෙකුගෙන් තිදෙනෙකුට ඩිජිටල් සාක්ෂරතාව පවතින බවත් එය 63.5%ක් බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මෙරට පවුල්වලින් 20.2%ක් ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් පරිගණක භාවිතා කරන අතර නාගරික ජනතාවගේ පරිගණක හා ඩිජිටල් සාක්ෂරතාවයේ වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

2021 වසරට සාපේක්ෂව 2023 වසර වන විට මෙරට පරිගණක සාක්ෂරතාවය 4.7%කින් ඉහළ ගොස් තිබෙනවා.

52.9%ක වැඩිම පරිගණක සාක්ෂරතාවයක් වාර්තා වන්නේ නාගරික ප්‍රදේශවලින්ය.

බස්නාහිර පළාතේ වැඩිම පරිගණක සාක්ෂරතාවයක් පවතින අතර නැගෙනහිර පළාතේ පරිගණක සාක්ෂරතාවක් අඩුවක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!