මුහුදුබඩ දුම්රිය තවමත් ප්‍රමාදයි

ඊයේ (19) පස්වරුවේ කොළඹ කොටුව, බේරේ පාලම මත දී දුම්රියක් පීලි පැනීමකට ලක් වීම හේතුවෙන්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ප්‍රමාද සහිතව සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

තව ද එම තත්ත්වය හේතු කොටගෙන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 30ක් පමණ අවලංගු කර තිබෙනවා.

කෙසේ නමුත් අද පෙරවරු 10.30න් පසු එම දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව නතර කෙරෙන බවට වාර්තා පළ වුව ද එසේ නොකෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නෙ.

මේ අතර එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එක් මාර්ගයකට සීමා වෙමින් සිදු වන බවත්, එම දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!