ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරු බව කියන ‘ලොකු පැටි’ නිදහස් – සුපිරි සාදයක් (දර්ශන මෙන්න )

බෙලරුස් හරහා ප්‍රංශයට පලායාමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත්වූ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරු බව කියන ‘ලොකු පැටි’ නමැත්තා නිදහස ලබා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඉකුත් ජූලි 8 වැනි දින අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී සිටියදී ගිනි අවි වලින් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු විසින් ක්ලබ් වසන්ත ඝාතනය කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ලොකු පැටී නමැත්තාට චෝදනා එල්ල වුණා.

‘ලොකු පැටි’ නිදහස් වීමත් සමග ඩුබායි හිදී සාදයක් පවත්වා ඇති අතර ලංකාවේද ස්ථාන කිහිපයක රතිඤ්ඤා දල්වා ඇති බවටද විදෙස් රටවලට තොරතුරු ලැබී තිබෙනවා.

විදෙස් රටවල සිටින පුද්ගලයන් අතර එම සාදයේ සහ රතිඤ්ඤා දැල්වූ බවට පවසන දර්ශන හුවමාරුවෙමින් ඇති අතර ඉන් අප වෙත ලැබුණු දර්ශන පහතින් දැකගත හැකියි.

එම දර්ශන මෙතැනින් නරඹන්න