චීනයේ යෝධ පැන්ඩා යළිත් අමෙරිකාවට

අමෙරිකාව සහ ඔස්ට්‍රියාව අතර ඇති යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා ගිවිසුම් යළි ක්‍රියාවට නැංවීමට චීනය පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රියාවේ Tiergarten Schönbrunn සත්වෝද්‍යානය සමග යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතාව පිළිබඳ නව ගිවිසුමක් අත්සන් කළ බව චීන වනජීවී සංරක්ෂණ සංගමය නිවේදනය කරනවා.

එසේම, “Yunchuan” සහ “Xinbao” නමැති යෝධ පැන්ඩාවුන් දෙදෙනෙකු අමෙරිකාවේ San Diego සත්වෝද්‍යානය වෙත පිටත් කිරීමත් සමග චීන-අමෙරිකානු යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා යළි ආරම්භ වී ඇති බවත් එම සංගමය පවසනවා.

වසර 20 කට අධික කාලයක් තිස්සේ චීනය අදාළ සත්වෝද්‍යාන සමග යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා පවත්වා තිබෙනවා.

චීන -ඔස්ට්‍රියානු හා චීන – අමෙරිකානු යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා ඔස්සේ එම සතුන්ගේ පැවැත්ම තවදුරටත් තහවුරු වනවා.

එය ගෝලීය ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමට මෙන්ම චීන ජනතාවගේ ජාත්‍යන්තර මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ද දායක වන බව චීන බලධාරීන් පෙන්වා දෙනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ කරුණු අනාවරණය කළේ විදේශ අමාත්‍යාංශයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!