රටවල් දෙකේ ස්ථාවරත්වය තහවුරු කරන්න චීනය සහ ප්‍රංශය සාකච්ඡාවක

ප්‍රංශයේ සංචාරයේ නිරතව සිටින චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා අතර සාකච්ඡාවක් පැරිස් නුවර Élysée මාලිගයේදී පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත්තේ ප්‍රංශය සමඟ උපායමාර්ගික අදහස් හුවමාරුව අඛණ්ඩව පවත්වා ගනිමින් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ උපායමාර්ගික ස්ථාවරත්වය තහවුරු කිරීමට අපේක්ෂා කරන බවයි.

එසේම ඒ මහතා චීනය ප්‍රංශය සමඟ ද්විපාර්ශ්වීය වෙළෙඳාම ධනාත්මක හා සමබරව වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී නායක දෙපළ යුක්‍රේන අර්බුදය හා පලස්තීන-ඊශ්‍රායල ගැටුම ඇතුළු පොදුවේ සැලකිල්ලට ලක් කළ යුතු ජාත්‍යන්තර හා කලාපීය ගැටලු පිළිබඳව ද අදහස් හුවාමරු කර ගත් බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

එම හමුවෙන් අනතුරුව ජනාධිපතිවරු දෙදෙනා නිකුත්කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙන්නේ ඉරාන න්‍යෂ්ටික අර්බුදයට දේශපාලනික එකඟතාවයක් ඇතිකිරීම සඳහා දෙරටම කැපවී සිටින බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!