අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවන්නේ මෙහෙමයි

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් අඩුවන අතර එහි නව මිල රුපියල් 28කි.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය ප්‍රකාශයට පත් කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ශෂී වෙල්ගම මහතා මේ බව පවසා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!