නව අගමැති පැමිණෙන තුරු මග බලාසිටින බ්‍රිතාන්‍යයේ ලැරී

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරු 5දෙනෙකු සමග වාසය කිරීමට වාසනාවන්ත වූ ලැරී, 6 වැනි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තෙක් අග්‍රාමාත්‍ය නිල නිවසට වී බලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දේශපාලන කැලඹීම්වලින් පිරුණු වසර 14ක එක්සත් රාජධානි ඉතිහාසයේ ස්ථාවර එකම චරිතය ලැරී බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දෙනවා.

ලැරී උපත ලබා ඇත්තේ 2007 වසරේ ජනවාරි 13 වැනිදායි.

ලැබෙමින් පවතින ජනමත විමසුම් ප්‍රතිඵල නිවැරදි නම් ප්‍රථම වතාවට කම්කරු පාක්ෂික අග්‍රාමාත්‍යවරයකු සමග වාසය කිරීමට ලැරීට හැකියාව ලැබෙන බව එරට මාධ්‍ය පවසනවා.

මෙතෙක් ලැරීගේ හාම්පුතුන් වූ සියලුම අග්‍රාමාත්‍යවරුන් කන්සර්වටිව් පක්ෂය නියෝජනය කළ අපේක්ෂයන් බව වාර්තා වනවා.

17 වැනි වියේ පසුවන ලැරී 6 වැනි අග්‍රාමාත්‍යවරයා සමගද දීර්ඝ කාලයක් ජීවත්වීමට වාසනාවන්ත වනු ඇති බවයි එරට වැසියන්ගේ බලාපොරොත්තුව වන්නේ.