රටේ ලුණු හිගයක් – ආනයනයට කැබිනට් අනුමැතිය

රටේ ඉදිරියයේදී ලුණු හිගයක් ඇතිවිය හැකි නිසා ලුණු ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ලුණු ආනයනය කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

මෙසේ ආනයනය කරනු ලබන ලුණු දේශීය නිෂ්පාදයකයින් හරහා බෙදා හැරීමට කටයුතු කරන බවද කැබිනට් ප්‍රකාශකයා සදහන් කළේය.