ජර්මනියේ පැවැත්වෙන BERLIN GLOBAL DIALOGUE සැසියේ තමා නුසුදුසු ආකාරයෙන් හඳුන්වාදු නිවේදිකාවට දඩයක් පැනවිය යුතු බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය දේශනයට පෙර පැවසීම මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත.
DW ප්රවෘත්ති සේවයේ නිවේදිකා Christine Mhundwa ශ්‍රි ලංකා ජනාධිපතිවරයා සභාවට හඳුන්වා දෙමින් කළ ප්‍රකාශයට ඔහු දැක්වූ දැක්වූ ක්ෂණික ප්‍රතිචාරය ඊට හේතු වී ඇත.
එහිදී නිවේදිකා Christine Mhundwa ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශනයට ආරධානා කිරීමට පෙර මෙලෙස පවසා තිබෙනවා.
“මම ඔබ සැමට කියන්න කැමතියි. අද අපිට විශේෂ අමුත්තෙක් පැමිණ සිටිනවා. ඒ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අද මෙහි පැමිණ සිටිනවා. මම කරන්න යන්නේ ඔහු අකමැති දෙයක්. ඔහු තමන්ගේ රට තුළ එලෙස කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අතිගරු ජනාධිපතිතුමනි කියා ඔහු ඇමතීමයි. අත්පොළොසන් දී පිළිගන්න දැන් ඔහු වේදිකාවට පැමිණෙනවා. අපි සතුටින් පිළිගන්නවා. ජනපතිතුමනි ඔබටයි මේ වේදිකාව.”
එහිදී ඇයට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, “මට අතිගරු ජනාධිපතිතුමා කියා ඇමතුවාට මම ඔබට තව මිනිත්තු කිහිපයකින් දඩයක් පනවන්න හදන්නේ.” යනුවෙන් පවසා ඇත .
මෙම දේශනයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සුබවාදී මට්ටමක පවතින මුත්, දැනට පවතින ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමවේදයන්ට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත් සංකීර්ණ වී ඇති බවය .