බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට

අද (06) දහවල් තලංගම පොලීසිය විසින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරතවෙමින් සිටියදීයි.

උපවාසය ආරම්භ කර මිනිත්තු 10කට පමණ පසුව තලංගම පොලිස් නිලධාරීන් පැමිණි උන්වහන්සේව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!