හිටපු ජනාධිපති රනිල්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාව හදිසියේම ඉවත් කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරි අශෝක ආරියවංශව හදිසියේම ඉවත් කර තිබෙනවා.

ඔහුව කන්කසන්තුරේ ප්‍රදේශයට මාරු කරන බව ඊයේ පස්වරුවේ දැනුම් දී තිබුණා.

අදාල නිලධාරියා සමබන්ධයෙන් විමර්ශනයක් සිදු කරනවා නම් පමණක් මෙවැනි මාරු කිරීමක් හදිසියේම සිදු කිරීම සාමාන්‍ය ක්‍රමයයි.

එවැනි විමර්ශනයක් සම්බන්ධයෙන් ද මෙතෙක් දැනුම් දීමක් කර නැහැ

.