සරසවි සිසුන් රෝහල්ගතවීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම අධ්‍යාපන පීඨයේ දෙවන වසර සිසුන් 07 දෙනෙකු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඖෂධ හා එන්නත් ලබාගැනීමෙන් අනතුරුව බෙලිහුල්ඔය ප්‍රාදේශීය රෝහලෙන් නැවත ප්‍රතිකාර ලබාගැනීමට යොමු වූ බවට සැලවූ පුවත කෙරෙහි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සේනාරත්න මහතාගේ ක්ෂණික අවධානය යොමු වී තිබේ.

ඒ අනුව, මේ පිළිබඳ දැනුවත් වූ වහාම විශ්වවිද්‍යාල කොමිසමේ සභාපති, සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති සහ බලන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීතුමන් වෙතින් අදාළ සරසවි ශිෂ්‍යයන්ගේ තත්වය විමසා බලා, මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මණින් විමර්ශන වාර්තාවක් ලබාදීමට කටයුතු සලස්වන ලෙස අග්‍රාමාත්‍යතුමිය විසින් අදාළ බලධාරීන් වෙත උපදෙස් දී ඇත.