වරායේ කන්ටේනර පරීක්ෂා නොකර එළියට යවන්න ඇමැතිට බලය ලැබුනේ කාගෙන්ද?

වරායේ තිබූ කන්ටේනර පරීක්ෂාවකින් තොරව එළියට යැවීම සදහා ඇමැතිවරයාට බලය ලැබුණේ කාගෙන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්ණ කළේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසු අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවේය.

වරායට පැමිණි කන්ටේනර තොගයක් එළියට යැවීමට විශය භාර ඇමැතිවරයා ඒ කන්ටේනර තියෙන තැන දන්නවා කියලා කියනවා. ඒවා තියෙන තැන දැනගන්න යවපු කෙනා වෙන්න එපායැ.

වරාය භාර නියෝජ්‍ය ඇමැතිවරයා මේ කන්ටේනර තියෙන තැන අපි දන්නවා, ඒ නිසා වගකීම භාරගන්නවා කියලා කියනවා. කස්ටම් එක අයිති වෙන්නේ වරාය ඇමැතිවරයාට නෙමෙයි. මුදල් අමාත්‍යාංශයට.

මේ කන්ටේනර් 323 ආවේ මොනවාද? මේවා කොහේටද ගියේ, කාගේද කියලා කියන්න පුලුවන් නේ. එහෙම වුනානම් ආණ්ඩුකාරවරයා මේ ප්‍රශ්ණයට අහුවෙන්නේ නෑනේ.

ඔබතුමා හැසිරීම තුළ කිසියම් කතිකාවක් සමාජයේ ඇතිවෙනවා. ඔබතුමාලට බොරු කියන ඉතිහාසයක් තියෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ දේවල් ක්‍රියාත්මක කරන්න කිව්වම අයි.එම්.එෆ් එකක් ගැන කතා කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය හදන වෙලාවේ අයි.එම්.එෆ් එකට ගියේ නෑ කියලා දන්නේ නැද්ද?

ඔබතුමාලා බොරු කියලා, ඒ දෙබාරු අහුවුනාම විපක්ෂයට චෝදනා කරනවා.

ඔබතුමාලට බොරු කියන ඉතිහාසයක් තියෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

කලිනුත් මේ විදියට කන්ටේනර නිදහස් වෙලා තියෙනවා. 2024 ජූලි මාසයේ ඉදලා මේ විදියට කන්ටේනර් 500ක් නිදහස් වෙලා තියෙනවා. එහෙම කන්ටේනර නිදහස් කිරීම පිළිබද ප්‍රශ්ණයක් තියෙනවා නම් ඒ ආයතවලට විරුද්ධව පැමිණිලි දාන්න පුලුවන්. එසේ නිදහස් කිරීම සදහා ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුව තමයි මේවා නිදහස් කර තිබෙන්නේ.

අපි බ්ලූමෙන්ඩල්වල අක්කර දෙකක් අරගෙන ඉඩමදිකමට විසදුම් දෙන්න හදනවා. ඔරුගොඩවත්තේ තවත් අක්කර පහක් ගත්තා. ඉතාම කෙටි කාලයක් ඇතුළත අපි මේ ප්‍රශ්ණයට විසදුම් දුන්නා.