හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා විසින් Ambeon Capital PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 10%කට වැඩි ප්‍රමාණයක් මිල දී ගැනීමට පියවර ගෙන ඇති බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා.
ARRC CAPITAL (PVT) LIMITED විසින් කළ මෙම කොටස් විකිණීම සිදුකර තිබුණා.
පසුගිය සඳුදා දිනයේ දී කැපීපනෙන කොටස් ගනුදෙනුවක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබෙන අතර එහිදී Ambeon Capital PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 27.32% ක් හෙවත් කොටස් මිලියන 274 ක් සමාගමේ දෙවැනියාට විශාලතම කොටස් හිමියා වන ARRC CAPITAL (PVT) LIMITED විසින් අලෙවි කර තිබෙනවා.