වැසි වාර කිහිපයක්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දැනට (දෙසැම්බර් මස 18 දිනඋදෑසන වන විට) දිවයිනට ඊසාන දෙසින් පිහිටා ඇති අතර, එය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

අද (දෙසැම්බර් 18) දිනය සඳහා අනාවැකිය:

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව සහ මධ්‍යම පළාත්වලත් රත්නපුර, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

වයඹ සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණතරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.