මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ විදුලි කාර්මික දෝශයක් හේතුවෙන් ප්රතිකාර කටයුතු පසුගිය 31වන දා සිට නවතා දමා තිබීම හේතුවෙන් ප්රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වන බව රෝගීහු පවසති.
විකිරණ ප්රතිකාර සඳහා දුර බැහැර ප්රදේශවල සිට රෝගීන් පැමිණෙන බවත් ඇතැම් රෝගීන් කුලී රථවලින් පැමිණෙන බවත් මෙසේ ප්රතිකාර නොකර හරවා යැවීමෙන් එම රෝගීන් දැඩි අසරණතාවයකට පත් වන බව ඔවුහු පවසති.
ඇතැම් රෝගීන් තාවකාලික නවාතැන්පොළවල් කුලියට ගෙන එම ප්රතිකාර සඳහා දිනපතා පැමිණෙන අතර එම හේතුව නිසා ඔවුන්ට අධික මුදලක් දැරීමට සිදු වී ඇති බවත් මෙසේ ප්රතිකාර ඒකකය වසා ඇති බවට රෝගීන්ට පෙර දැනුම් දීමක් නොකල බවත් රෝගීන් පවසති.
මේ පිලිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුකර එම විකිරණ ප්රතිකාර ඒකකයේ විදුලි කාර්මික දෝශය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලෙසට රෝගීන් ඉල්ලා සිටී.