අනුර කැනඩාවට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (20) සවස කැනඩාව බලා පිටත්වීමට නියමිතයි.
.
ඒ, කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් අමතන ජන හමු කිහිපයකට සහභාගි වීම සඳහා බවයි වාර්තා වන්නේ.

ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලැබ ඇති ප්‍රධාන ජන හමු දෙකෙන් පළමුවැන්න 23 වැනි සෙනසුරාදා දින පස්වරු 3.00ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවරදීද දෙවැන්න 24 වැනි ඉරිදා දින පස්වරු 2.30ට වැන්කුවර් නගරයේදීද පැවැත්වෙනු ඇති.

මෙම ප්‍රධාන ජනහමුවලට අමතරව කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්‍රජාව මුණගැසෙන සුහද හමු කිහිපයකටද සහභාගිවීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කටයුතු කරන බවයි එම පක්ෂය පවසන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!