අනුර කුමාරගේ පළමු ජන රැළියත් ඇරඹෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමට පවත්වන පළමු ජන රැළිය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ මහතා අද සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේ වෙහෙර විහාරස්ථානවල අභිවෘද්ධිය සඳහා ඇති අරමුදල් විනාශ කළ පුද්ගලයින් ජාතික ජන බලවේගයේ සංස්කෘතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විවේචන එල්ල කරමින් සිටින බවයි.