ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකළ ද්වේශ සහගත ප්‍රකාශයකින් සිදුවූ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අද(29) කොළඹ දිසා අධිකරණයේ සාක්ෂි ලබාදී ඇති බව වාර්තා වනවා.
2017 වසරේදී ඒකාබද්ධ විපක්ෂය තංගල්ල නගර ශාලාවේ සංවිධානය කළ බව පවසන රැස්වීමකදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයකින් මෙම අපහාසය සිදුවී ඇති බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එසේම කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධි සහතිකය ඇතුළු ලේඛන දහයක් අධිකරණයට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ සහ සමාජයේ කීර්තියක් උසුලන තමන්ට සිදුකළ අපහාසයට වන්දි අය කර දෙන ලෙසට ඉල්ලා සිටියා.
කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා ඉදිරියේ අදාළ සාක්ෂි කැඳවනු ලැබුවා.