චීන – ශ්‍රී ලංකා ප්‍රමිතියට අවබෝධතාවක්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ චීනයේ ප්‍රමිතිකරණ පරිපාලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාව හා චීනය අතර තීරු බදු නොවන වෙළඳාමේදී මතුවන තාක්ෂණික බාධා අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය සහ චීනයේ ප්‍රමිතිකරණ පරිපාලනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටයි එමගින් යෝජනා වී ඇත්තේ.

ඒ අනුව අදාල කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ අවසරය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ එකඟතාවය ලැබී ඇති බව ද කැබිනට් තීරණ දැනුම් දීමේ සඳහන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!