ඉන්දීය යුවළක් කිරින්ද වෙරළේදී දියේ ගිලී ජීවිතක්ෂයට

කිරින්ද වෙරළ තීරයේ දියනාමින් සිටි විදෙස් ජාතික යුවළක් දියේ ගිලී මියගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ අදාළ කාන්තාව සහ පුද්ගලයා දියේ ගිලෙමින් සිටින අවස්ථාවේ බේරාගෙන රෝහල් ගත කරන අවස්ථාවේදී මිය ගිය බවයි.

එසේ මියගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකු සහ 33 හැවිරිදි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කරනවා.

මියගිය දෙදෙනා අඹුසැමියන් වන බවත් පවුලේ සාමාජිකයින් සමග සංචාරයක් සඳහා මෙරටට පැමිණ දියනාමින් සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීර දෙබරවැව රෝහලේ තැම්පත් කර ඇති අතර කිරින්ද පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!