දහම් පාසල් ගුරු භවතුන්ට රුපියල් 7500 ක දීමනාවක්

බුද්ධශාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාවිසින් ඉදිරිපත්කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන 2025 වර්ෂයේ සිට සියලු ආගම් නියෝජනය කරන දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 5000ක වාර්ෂික දිරිගැන්වීමේ දීමනාව සහ නිල ඇඳුම් දීමනාව ලෙස රුපියල් 2500ක් ක්ද සමඟ වාර්ෂිකව රුපියල් 7500ක මුදලක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මේ වනවිට දහම් පාසල් ගුරු භවතුන් හට වාර්ෂිකව රුපියල් 5000ක දීමනවක් ලබා දීම සිදුවනවා.

2022 වර්ෂය වන තෙක් එම ගුරුභවතුන් හට අවශ්‍ය නිල ඇඳුම් ලබා දීම රජය විසින් සිදුකළද මේ වනවිට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!